
අතථ්‍ය මුදලක් වන බිට්කොයිනයක අගය ඇමරිකානු ඩොලර් 100,000 සීමාව ඉක්මවීමට අද (2024.12. 05) සමත් විය. එහි වත්මන් අගය රුපියල්වලින් නම් රුපියල් කෝටි 3ක් පමණ වනු ඇත.
මෙලෙස එහි අගය වේගයෙන් ඉහළ යාමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආගමනය හේතු වී ඇති බව පෙනේ.
2024.11.05 දින බිට්කොයිනයක අගය 68,000USD පමණ වූ අතර, ඇමරිකානු ජනාධිපතිවරණයෙන් මසකට පසු 100,000 USD ඉක්මවිය.
අදෘශ්‍ය මුදල්හි (crypto currency) රජු වන bitcoin අගය සේම, සෙසු මුදල් වර්ගවල ද අගය සැලකිය යුතු ලෙස ඉහළ යාමේ ප්‍රවනතාවක් ද දැකිය හැක.
2009 වර්ෂයේ දී ආරම්භක බිට්කොයිනයක අගය ඇ.ඩො. ශත 10ක් පමණ විය. එනම් රු. 10 – 20 අතර විය.