බාල භාණ්ඩ

පාරිභෝගික ආදායමත් ඉල්ලුමත් අතර ප්‍රතිලෝම හෙවත් සෘණ සම්බන්ධතාවයක් පවතින භාණ්ඩ බාල භාණ්ඩ වශයෙන් හඳුන්වයි.

එනම් ආදායම වැඩිවන විට ඉල්ලුම අඩුවන සහ  ආදායම අඩුවන විට ඉල්ලුම වැඩිවන භාණ්ඩ යි.

භාණ්ඩයක් බාල භාණ්ඩයක් ද යන්න තීරණය කළ යුත්තේ භාණ්ඩයේ ස්වභාවය මත නොව, පාරිභෝගික ආදායමට සාපේක්ෂ ව ය.

එහෙයින් භාණ්ඩයක් සෑම ආදායම් මට්ටමක දී ම බාල භාණ්ඩයක් ලෙස සැලකිය නොහැක..

නිදසුනක් ලෙස කිසියම් පුද්ගලයෙක්ට කිසියම් ආදායම් මට්ටමක දී බටන් සහිත ජංගම දුරකථනය සාමාන්‍ය භාණ්ඩයක් ලෙස පවතී යැයි සිතන්න.

ඔහුගේ ආදායම වැඩි වත් ම බටන් දුරකථනය ඉවත් කොට සුහුරු දුරකථනයක් (smart phone) මිලට ගනී. මෙහි දී බටන් සහිත දුරකථනය බාල භාණ්ඩයක් බවට පත් වේ.

ආදායම තවත් ඉහළ යාමත් සමග පෙර භාවිතා කළ දුරකථනය ද ඉවත් කොට, නවීන වර්ගයේ ඉහළ සන්නාමයේ දුරකථනයක් මිලට ගැනීමට ඔහු පෙළඹේ. මෙහි දී පෙර භාවිතා කරන ලද ජංගම දුරකථනය ද බාල භාණ්ඩයක් බවට පත් වේ.

එනම් ඉහළ ආදායම් මට්ටමක දී ඕනෑම භාණ්ඩයක් බාල භාණ්ඩයක් බවට පත්විය හැක.

 

 

Scroll to Top