පුළුල් මුදල් සැපයුම (M2)

ශ්‍රී ලංකාවේ මුදල් සැපයුම පුළුල් ව නිර්වචනය කිරීමට 1980 වර්ෂයේ දී පුළුල්  මුදල් සැපයුම(M2) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුන්වා දෙන ලදි.

M2 පුළුල් මුදල් සැපයුම යනු, පටු මුදල් සැපයුම හා වාණිජ බැංකුවල ඇති මහජනයා සතු කාලීන හා ඉතුරුම් තැන්පතුවල එකතුව යි.

ඒ අනුව, M2 පුළුල් මුදල් සැපයුමට පහත අයිතම ඇතුලත් ය.

  1. මහජනයා සතු ව්‍යවහාර මුදල්
  2. වාණිජ බැංකුවල ඇති මහජනයා සතු ඉල්ලුම් තැන්පතු
  3. වාණිජ බැංකුවල ඇති මහජනයා සතු කාලීන හා ඉතුරුම් තැන්පතු
Scroll to Top