නිෂ්පාදන සාධක පිළිබඳ හැඳින්වීමක්

සමාජයේ ජීවත්වන මිනිසුන්ට සපුරා ගැනීමට නොහැකි තරම් වූ වුවමනා රාශියක් ඇති බව නොරහසකි. මෙකි වුවමනා සපුරා ගත හැක්කේ භාණ්ඩ හා සේවා මගිනි. එකී භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා දෑ නිෂ්පාදන සම්පත් හෙවත් නිෂ්පාදන සාධක වශයෙන් හදුනා ගනී.

නිෂ්පාදන සාධක ප්‍රධාන වශයෙන් ප්‍රභේද 04කි.

  1. භූමිය
  2. ශ්‍රමය
  3. ප්‍රාග්ධනය
  4. ව්‍යවසායකත්වය

මෙකි නිෂ්පාදන සාධකයන්ගෙන් භූමිය සහ ප්‍රාග්ධනය එක් ව ගෙන දේපොල සම්පත් වශයෙයෙ ද, ශ්‍රමය සහ ව්‍යවසායකත්වය එක් ව ගෙන මානව සම්පත් වශයෙන් ද වර්ග කළ හැක.

Scroll to Top