නම්‍යතාව

නම්‍යතාව යනු ස්වායත්ත විචල්‍යයක ඇති වන වෙනස් වීමකට ප්‍රතිචාර වශයෙන් පරායත්ත විචල්‍යයේ ඇති වන වෙනස් වීමේ තරම හෙවත් සංවේදිතාවය මනිනු ලබන දර්ශකයකි.

ශ්‍රිතාත්මක සම්බන්ධතාවයක් දක්නට ලැබෙන ඕනෑ ම අවස්ථාවක ස්වායත්ත විචල්‍යයේ වෙනස් වීම කෙරෙහි පරායත්ත විචල්‍යය දක්වන සංවේදීතාවය ‘නම්‍යතාව’ නැමැති සංකල්පයෙන් මැනිය හැකි ය.

ආර්ථික විද්‍යාව විෂය තුළ ද එවැනි ශ්‍රිතාත්මක සම්බන්ධතා බහුල වශයෙන් දැක ගත හැකි ය.

නිදසුන්-

ඉල්ලුම් තීරකත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර සම්බන්ධතාවයේ දී නම්‍යතාව, “ඉල්ලුම් නම්‍යතාව” යි.

සැපයුම් තීරකත් සැපයුම් ප්‍රමාණයත් අතර සම්බන්ධතාවයේ දී නම්‍යතාව, “සැපයුම් නම්‍යතාව” යි.

ආදායමත් මුදල් ඉල්ලුමත් අතර සම්බන්ධතාවයේ දී නම්‍යතාව, මුදල් ඉල්ලුමේ ආදායම් නම්‍යතාව” යි.

තව දුරටත් පැහැදිලි කර ගැනීමට පහත වීඩියෝව නරඹන්න

Scroll to Top