ද්‍රවශීලතාව

කිසියම් වත්කමක් ප්‍රමාදයකින්, අමතර පිරිවැයකින් හා අවිනිශ්චිතතාවයකින් තොර ව පහසුවෙන් හුවමාරු මාධ්‍යයක් බවට පෙරලා ගැනීමේ හැකියාව ද්‍රවශීලතාව ලෙස හඳුන්වයි.

ඉහත නිර්වචනයෙහි හුවමාරු මාධ්‍යයක් යන්නට, ගෙවීම් මාධ්‍යයක් හෝ විනිමය මාධ්‍යයක් යන විකල්ප වචන ද භාවිතා කළ හැක.

මුදලේ ප්‍රධාන ම කාර්යයක් වන්නේ හුවමාරු මාධ්‍යයක් ලෙස කටයුතු කිරීම යි. එබැවින් මුදල් අමුතුවෙන් හුවමාරු මාධ්‍යයක් බවට පෙරලීමට  අවශ්‍ය නොවේ. මේ නිසා ‘මුදල්’ පූර්ණ ද්‍රවශීල වත්කමක් ලෙස හඳුන්වයි.

එබැවින් ද්‍රවශීලතාව යන්නෙහි අදහස මෙලෙස ද ඉදිරිපත් කළ හැක.

“කිසියම් වත්කමක් ප්‍රමාදයකින්, අමතර පිරිවැයකින් හා අවිනිශ්චිතතාවයකින් තොර ව මුදල් බවට පත් කර ගැනීමේ හැකියාව ද්‍රවශීලතාව යි.”

මූල්‍ය වත්කම් මුදල් බවට පෙරලා ගැනීමේ දී සැලකිලිමත් විය යුතු කරුණු 3කි. නොඑසේ නම් මූල්‍ය වත්කම්වල ද්‍රවශීලතාව තීරණය කරන සාධක 3කි. 

  1. පහසුව
  2. දැරීමට සිදු වන අමතර පිරිවැය 
  3. වටිනාකම පිළිබඳ අවිනිශ්චිතතාවය
Scroll to Top