ශ්‍රී ලංකාවේ මුදල් සැපයුම තවදුරටත් පුළුල් ව නිර්වචනය කිරීමට 1998 වර්ෂයේ දී ඒකාබද්ධ පුළුල් මුදල් සැපයුම(M2b) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුන්වා දෙන ලදි.
එකාබද්ධ පුළුල් සැපයුම සකස් වන්නේ, M2 පුළුල් මුදල් සැපයුමට අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම්වල ඇති කාලීන හා ඉතුරුම් තැන්පතුවලින් 50%ක් හා විදේශ ව්‍යවහාර මුදල් බැංකු ඒකකවල ඇති නේවාසිකයන් සතු තැන්පතු එකතු කිරීමෙනි.
ඒ අනුව, M2b පුළුල් මුදල් සැපයුමට පහත අයිතම ඇතුලත් ය.
- මහජනයා සතු ව්‍යවහාර මුදල්
- වාණිජ බැංකුවල ඇති මහජනයා සතු ඉල්ලුම් තැන්පතු
- වාණිජ බැංකුවල ඇති මහජනයා සතු කාලීන හා ඉතුරුම් තැන්පතු
- අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම්වල ඇති කාලීන හා ඉතුරුම් තැන්පතුවලින් 50%
- විදේශ ව්‍යවහාර මුදල් බැංකු ඒකකවල ඇති නේවාසිකයන් සතු තැන්පතු