ඉල්ලුම් වක්‍රයේ බෑවුම හා මිල ඉල්ලුම් නම්‍යතාව

මිල ඉල්ලුම් නම්‍යතාව ගණනය කරනු ලබන්නේ පහත ආකාරයට යි.

මිල ඉල්ලුම් නම්‍යතාව=     ∆Qd/∆P  ×  P/Qd

එහි වම් පස පදයෙන් ඉල්ලුම් වක්‍රයේ බෑවුම නිරෑපණය කරන්නේ, ගණිතමය වශයෙන් නිවැරදි ව ඉල්ලුම් වක්‍රය ප්‍රස්තාරගත කර ඇති විටක දී පමණි. එනම් සිරස් අක්ෂයෙන් ප්‍රමාණයත්, තිරස් අක්ෂයෙන් මිලත් නිරූපණය කර ඇති විටක දී ය.

ගණිතමය වශයෙන් නිවැරදි ඉල්ලුම් වක්‍රයක බෑවුම=     ∆Qd/∆P

සාම්ප්‍රදායික ව අඳිනු බලන ඉල්ලුම් වක්‍රයක බෑවුම ගණනය කරනුයේ පහත ආකාරයට යි.

සාම්ප්‍රදායික ඉල්ලුම් වක්‍රයක බෑවුම=     ∆P/∆Qd

සාම්ප්‍රදායික ඉල්ලුම් වක්‍රයක බෑවුමේ පරස්පරය ඉහත මිල ඉල්ලුම් නම්‍යතාව සොයන සූත්‍රයේ වම් පස පදයෙන් නිරූපණය කරයි.

සාම්ප්‍රදායික ඉල්ලුම් වක්‍රයක බෑවුමේ පරස්පරය=    ∆Qd/P  

මිල ඉල්ලුම් නම්‍යතාව සොයන සූත්‍රයේ දකුණ පස පදයෙන් කිසියම් ලක්ෂ්‍යයක දී මිලත් ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණයත් අතර අනුපාතිකය නිරූපණය කරයි.

මිලත් ඉල්ලුම් ප්‍රමාණයක් අතර අනුපාතය=    P/Qd  

ඉහත පැහැදිලි කිරීම් අනුව, ඉල්ලුම් වක්‍රයේ බෑවුම හා ඉල්ලුමේ මිල නම්‍යතාව වෙනස් සංකල්ප දෙකක් බවත්, මිල ඉල්ලුම් නම්‍යතාව ගණනය කිරීමට බෑවුම සැකලිල්ලට ගත යුතු බවත් අවබෝධ කර ගත යුතු ය.

පහත රූප සටහනින් ද ඒ බව තවදුරටත් අවබෝධ කරගත හැකි ය. 

ඉල්ලුම් වක්‍රයේ සෑම ලක්ෂයක දී ම බෑවුමේ පරස්පරය සමාන වුවත්, මිල සහ ප්‍රමාණය වෙනස් වනු ඇත. එවිට නම්‍යතාව බෑවුමට වඩා වෙනස් අගයක් ගනු ඇත.

Scroll to Top