කිසියම් කාලපරිච්ඡේදයක් තුළ ඉල්ලුම් තීරක අතුරෙන් අනෙකුත් සාධක ස්ථාවර ව තිබිය දී භාණ්ඩයක මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර පවතින ප්‍රතිලෝම සම්බන්ධතාවය ඉල්ලුම් නීතිය යි.
එනම් ඉල්ලුම් නීතීයට අනුකූල වීම යනු භණ්ඩයේ මිල හා ඉල්ලුම් ප්‍රමාණය අතර ප්‍රතිලෝම සම්බන්ධතාවයක් පැවතීම යි. මෙවැනි විටෙක ඉල්ලුම් වක්‍රය වමේ සිට දකුණට පහළට බෑවුම් වේ.
ඉලුලුම් නීතියට පටහැනි අවස්ථා යනු මිල හා ඉල්ලුම් ප්‍රමාණය අතර අනුලෝම සම්බන්ධතාවයක් පැවතීම යි. එවැනි විටෙක ඉල්ලුම් වක්‍රය වමේ සිට දකුණට ඉහළට ගමන් කරයි.
එවැනි අවස්ථා කිහිපයක් පහත දැක්වේ.
- ගිෆන් භාණ්ඩ සඳහා ඇති ඉල්ලුම.
- භාණ්ඩයක ගුණත්වය මිල මත තීරණය කොට, භාණ්ඩ ඉල්ලුම් කිරීම.
- මිල අධික භාණ්ඩ පරිභෝජනය කිරීම උසස් යැයි සලකා භාණ්ඩ ඉල්ලුම් කිරීම.
- අනාගතයේ දී ලාභ ලැබීමේ අරමුණින් වර්තමානයේ දී භාණ්ඩ ඉල්ලුුුම් කිරීම (සමපේක්ෂණ ඉල්ලුම)
- භාණ්ඩයක් අනාගතයේ දී හිඟ වෙතැයි යන්න අපේක්ෂාවෙන් වර්තමානයේ කරන ඉල්ලුම.