ඉල්ලුම් නම්‍යතාව යනුවෙන් අදහස් කරන්නේ ඉල්ලුමට බලපාන ප්‍රමාණාත්මක ව මැනිය හැකි ඕනෑම සාධකයක ප්‍රතිශතක වෙනසට සාපේක්ෂ ව ඉල්ලුම් ප්‍රමාණයේ ඇති වන ප්‍රතිශතක වෙනස මැන දැක්වීම යි.
මෙහි දී විශේෂයෙන් ප්‍රමාණාත්මක ව මැනිය හැකි සාධක යනුවෙන් සඳහන් කර ඇත්තේ, ඉල්ලුමට බලපාන සාධකයන්ගෙන් සලකා බලන භාණ්ඩයේ මිල, සම්බන්ධිත භාණ්ඩ මිල හා ආදායම යි.
ඉල්ලුම් නම්‍යතාව යටතේ සංකල්ප 03ක් කෙරෙහි අවධානය යොමු කළ හැක.
- මිල ඉල්ලුම් නම්‍යතාව (සලකා බලන භාණ්ඩයේ මිල හා ඉල්ලුම් ප්‍රමාණයත් අතර සම්බන්ධය)
- හරස් මිල ඉල්ලුම් නම්‍යතාව (සම්බන්ධිත භාණ්ඩ මිල හා ඉල්ලුම් ප්‍රමාණය අතර සම්බන්ධය)
- ආදායම් ඉල්ලුම් නම්‍යතාව (ආදායම හා ඉල්ලුම් ප්‍රමාණය අතර සම්බන්ධය)