ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණය වෙනස් වීම

ඉල්ලුම් කරනු බලන ප්‍රමාණය වෙනස් වීමේ දී, ඉල්ලුම් තීරකයන් අතුරෙන් සලකා බලන භාණ්ඩයේ මිල පමණක් වෙනස් වන අතර, සෙසු සාධක ස්ථාවර ව පවතී.

ඒ අනුව යම් දෙන ලද කාලපරිච්ඡේදයක දී  අනෙකුත් කරුණු නොවෙනස් ව තිබිය දී, සලකා බලන භාණ්ඩයේ මිලෙහි සිදු වන වෙනස් වීමට අනුව ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම  ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණය වෙනස් වීම යි.

මෙහි දී ඉල්ලුම් වක්‍රය මත විවිධ ලක්ෂ්‍ය සැසඳීමට සිදු වේ.

ඉල්ලුම් වක්‍රය මත ලක්ෂ්‍ය දිගේ ඉහළ සිට පහළට ගමන් කරන විට ඉල්ලුම් ප්‍රසාරණය ද, පහළ සිට ඉහළට ගමන් කරන විට ඉල්ලුම් සංකෝචනය ද සිදු වේ.

Scroll to Top