ඉල්ලුම යන්නෙන් අදහස් කරන්නේ, යම් දෙන ලද කාලපරිච්ඡේදයක් තුළ ඉල්ලුම කෙරෙහි බලපාන අනෙකුත් සාධක නොවෙනස් ව තිබිය දී කිසියම් භාණ්ඩයක් සඳහා පැවතිය හැකි විකල්ප මිල ගණන් යටතේ පාරිභෝගිකයන් විසින් මිල දී ගැනීමට සැලසුම් කර ඇති භාණ්ඩ ප්‍රමාණ යි.
විශේෂයෙන් මෙහි දී අවබෝධ කර ගත යුත්තේ, මිල දී ගැනීමට සැලසුම් කර ඇති භාණ්ඩ ප්‍රමාණය යනු මිල දී ගැනීමට කැමති හා මිල දී ගැනීමට අපේක්ෂා කරන භාණ්ඩ ප්‍රමාණය මිස සැබෑ වශයෙන් මිල දී ගන්නා භාණ්ඩ ප්‍රමාණය නොවන බව යි.
අනපේක්ෂිත ලෙස ආදායම, අභිරුචිය වැනි දෑ වෙනස් වීමේ දී මිල දී ගැනීමට සැලසුම් කරන ලද භාණ්ඩ ප්‍රමාණය වෙනස් වේ.
එනම් ඉල්ලුම සංකල්පයෙන් ගම්‍ය වන්නේ සැලසුම් කොට ඇති ඉල්ලුම මිස සැබෑ වශයෙන් මිලට ගන්නා භාණ්ඩ ප්‍රමාණය නොවේ.
ඉල්ලුමක් ඇති වීමට පදනම් වන කරුණු 03කි.
- පාරිභෝගිකයාට භාණ්ඩය මිල දී ගැනීමට වුවමනාවක් පැවතීම.
- මිල දී ගැනීමට හැකියාවක් හෙවත් ක්‍රයශක්තියක් පැවතීම.
- මිල දී ගැනීමට සැලසුමක් පැවතීම.
ඉල්ලුම ප්‍රභේද 02කි.
- පෞද්ගලික ඉල්ලුම
- වෙළෙඳපොළ ඉල්ලුම