ආවස්ථික පිරිවැයක් හට ගන්නේ නිෂ්පාදනයේ දී හෝ සැපයීමේ දී හෝ කරනු ලබන තේරීම හේතුවෙන් අත්හැර දැමීමක් හෙවත් කැප කිරීමක් සිදු වන්නේ නම් පමණි. එවැනි අවස්ථාවක ආවස්ථික පිරිවැය ධන අගයක් ගනී යැයි සැලකේ.
නමුත් ආවස්ථික පිරිවැයක් නොපවතින හෙවත් ආවස්ථික පිරිවැය ශූන්‍ය අගයක් ගන්නා විශේෂ අවස්ථා 3ක් පවතී.
- නොමිල භාණ්ඩ පැවතීම
- එක් භාවිතයකට පමණක් යොදා ගන්නා නිෂ්පාදන සාධක පැවතීම (විකල්ප ප්‍රයෝජන නොමැති සම්පත් පැවතීම)
- පොදු විරැකියා තත්ත්වයක් හෙවත් පොදු සේවා වියුක්ත තත්ත්වයක් පැවතීම(උපයෝජනය නොවූ සම්පත් පැවතීම)
