ආර්ථික විද්‍යාව ස්වභාවික විද්‍යාවන්ගෙන් වෙනස් වන අයුුරු

ආර්ථික විද්‍යාව ස්වභාවික විද්‍යාවන්ගෙන් වෙනස් වන අයුරු

විද්‍යාවක් යනු යම් ක්ෂේත්‍රයක් සම්බන්ධ ව ක්‍රමානුකූල ව ගොඩනගා ගන්නා ලද දැනුම් සම්භාරයකි. මෙකී විද්‍යාව ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදේ.

  1. ස්වභාවික විද්‍යාවන්
  2. සමාජීය විද්‍යාවන්

ස්වභාවික විද්‍යාවන් ‌ ලෙස හඳුන්වන්නේ පරිසරය හා ස්වභාවික ප්‍රපංච පිළිබඳ හදාරන ජීව විද්‍යාව, ‌ භෞතික විද්‍යාව හා රසායන විද්‍යාව වැනි විෂයයන් ය.

සමාජීය විද්‍යාවන් ලෙස හඳුන්වන්නේ මිනිස් හැසිරීම විවිධ පැතිකඩයන්ගෙන් අධ්‍යයනය කරන සමාජ විද්‍යාව, මානව විද්‍යාව, මනෝ විද්‍යාව, දේශපාලන විද්‍යාව හා ආර්ථික විද්‍යාව වැනි විෂයයන් ය.

ආර්ථික විද්‍යාව ස්වභාවික විද්‍යාවන්ගෙන් වෙනස් වන්නේ පහත හේතු නිසා ය.

  1. ස්වභාවික විද්‍යාවන්ගෙන් අධ්‍යයනයට ලක් වන්නේ ස්වභාවික ප්‍රපංචයන් පිළිබඳ ව වන අතර, ආර්ථික විද්‍යාවෙන් අධ්‍යයනයට ලක් කරන්නේ මිනිසුන්ගේ ආර්ථික හැසිරීම් පිළිබඳ ව ය.
  2. ස්වභාවික විද්‍යාවන් න්‍යායන් සකස් කර ගනුයේ පර්යේෂණගාරයක් තුළ අවශ්‍ය පරිදි සාධක පාලනය කරමින් අත්හදා බැලීම් හා පර්යේෂණ සිදු කිරීමෙන් වන අතර, ආර්ථික විද්‍යාව න්‍යායන් සකස් කර ගන්නේ සැබෑ ලෝකයේ මිනිස් හැසිරීම නිරීක්ෂණය කොට, සංකීර්ණ තත්ත්වයන් සරල කිරීමට සිතා ගැනීම් හෙවත් උපකල්පන යොදා ගනිමිනි.
  3. බොහෝ කලකට වෙනස් නොවන දැඩි ස්වරූපයේ න්‍යායන් ස්වභාවික විද්‍යාවේ පවතින මුත්,  මිනිස් හැසිරීම් කාලය,සමාජ පරිසරය, ජන වර්ගය අනුව වෙනස් වන බැවින් ආර්ථික න්‍යායන් දැඩි ස්වරූපයක් නොගනී.
Scroll to Top