ආර්ථික විද්‍යාව පිළිබඳ හැඳින්වීමක්

ජනතාවගේ ජීවන තත්ත්වය තීරණය වන්නේ, ඔවුනට ඉටුකර ගත හැකි අවශ්‍යතා හා වුවමනා ප්‍රමාණය මතයි. අවශ්‍යතා හා වුවමනා ඉටුකර ගත හැකි වන්නේ භාණ්ඩ හා සේවා මගිනි. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමට සමාජය සතුව ඇත්තේ සීමිත සම්පත් ප්‍රමාණයකි. අසීමිත වුවමනාවලට සාපේක්ෂ ව සමාජය සතු සම්පත් සීමත වීම ආර්ථිකයක කේන්ද්‍රීය ගැටළුව යි. ආර්ථික විද්‍යාව විෂයේ පදනම මෙකී හිඟකම යි.

ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කරගත් සමාජයීය විද්‍යාවක් ලෙස ආර්ථික විද්‍යාව හැඳින්විය හැක. ආර්ථික විද්‍යා විෂය තුළින් අධ්‍යයනය කරන්නේ, මිනිසුන්ගේ ආර්ථික  හැසිරීම් පිළිබඳ ව යි.

Scroll to Top