ආර්ථික විද්‍යාව නිර්වචනය Definition of Economics

කාලයෙන් කාලයට බිහිවන ආර්ථික විද්‍යාඥයින් ආර්ථික විද්‍යාව විවිධාකාරයට නිර්වචනය කර ඇත.

නමුත් බොහෝ දෙනා උපුටා දක්වන ජනප්‍රිය ම නිර්චනය ඉදිරිපත් කර ඇත්තේ ලයනල් රොබින්ස් ය.

ඔහු හිඟකම මූලික පදනම ලෙස යොදා ගනිමින් පහත ආකාරයට ආර්ථික විද්‍යාව නිර්වචනය කර ඇත.

“ආර්ථික විද්‍යාව යනු, විකල්ප භාවිත සහිත හිඟ සම්පත් භාවිත කරමින් මිනිස් වුවමනා සපුරා ගැනීමේ දී, මිනිසුන් හැසිරෙන ආකාරය අධ්‍යයනය කිරීම යි”

මෙම නිර්වචනය ඔහු ඉදිරිපත් කර ඇත්තේ, 1932 වර්ෂයේ දී ප්‍රකාශයට පත් කරන ලද ‘ආර්ථික විද්‍යාවේ ස්වභාවය සහ වැදගත්කම පිළිබඳ රචනයක් නැමැති කෘතිය තුළිනි.

‘හිඟකම’ආර්ථික විද්‍යාවේ කේන්ද්‍රීය ගැටලුව ලෙස පළමුවරට අවධාරණය කලේ මොහු ය.

 

උසස් පෙළ ආර්ථික විද්‍යාව හදාරණ සිසුන් ආර්ථික විද්‍යාව නිර්වනය සම්බන්ධයෙන් මෙම නිර්වචනය කෙරෙහි අවධානය යොමු කිරීම ප්‍රමාණවත් වේ.

එම නිර්වචනය තවත් සරල කරමින් පහත ආකාරයට ‌දැක්විය හැකි ය.

“සීමිත සම්පත්වලින් අසීමිත මිනිස් වුවමනාවන් සපුරාගන්නේ කෙසේදැයි හදාරනු ලබන විද්‍යාව ආර්ථික විද්‍යාව යි.

 

Scroll to Top