ආර්ථික පද්ධතියක ආයතනික ලක්ෂණ

ආර්ථික පද්ධතියක් යනු

මිනිස් වුවමනාවන්ට සාපේක්ෂ ව සම්පත් සීමිත වීම නිසා හටගන්නා හිඟකම  නැමැති කේන්ද්‍රීය ආර්ථික ප්‍රශ්නයට සෑම සමාජයකට ම මුහුණ දීමට සිදු වේ. මෙහි දී සෑම සමාජයක් විසින් ම විසඳා ගත යුතු මූලික ආර්ථික ප්‍රශ්න 3ක් පවතී.

  1. කුමණ භාණ්ඩ හා සේවා කොතරම් ප්‍රමාණයක් නිෂ්පාදනය කළ යුතු ද?
  2. භාණ්ඩ හා සේවා කෙසේ නිෂ්පාදනය කළ යුතු ද
  3. භාණ්ඩ හා සේවා කා සඳහා නිෂ්පාදනය කළ යුතු ද?

ඉහත මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම සඳහා මිනිසා විසින් නිර්මාණය කරනු ලැබ ඇති යන්ත්‍රණය හෙවත් ආයතනික වැඩපිළිවෙළ ආර්ථික පද්ධතියක් ලෙස හඳුන්වයි.

ආර්ථික පද්ධතියක පවත්නා ආයතනික ලක්ෂණ

  • කුටුම්බ
  • ආණ්ඩුව
  • ව්‍යාපාරික අංශය
  • කම්කරු සංවිධාන
  • රාජ්‍ය නොවන සංවිධාන
  • වෙළෙඳපොළවල්
  • සානුබල
  • නෛතික ව්‍යුහය
  • සිරිත්, සම්ප්‍රදායන් හා සංස්කෘතිය
Scroll to Top