ආරක්ෂණ චේතනාවෙන් මුදලට කරන ඉල්ලුම

පුද්ගලයන්ට දැරීමට සිදුවන සෑම වියදමක් ම කළින් සැලසුම් කළ ඒවා නොවිය හැකි ය. 

ඇතැම් වියදම් අනපේක්ෂිත ව හට ගත හැකි පහත ආකාරයේ ඒවා විය හැක.

  • හදිසි අනතුරු 
  • රෝගාබාධ
  • හදිසි අළුත්වැඩියා 
  • හදිසි උත්සව

එකී සැලසුම් කළ නොහැකි අනපේක්ෂිත ව ඇති  විය හැකි වියදම් කාර්යක්ෂම ව පියවා ගැණිමේ අරමුණින් මුදල් ශේෂ ලඟ තබා ගැනීම ආරක්ෂණ චේතනාවෙන් මුදලට කරන ඉල්ලුම යනුවෙන් හඳුන්වයි.

පූර්වෝපාය චේතනාව හෝ පූර්වාරක්ෂක චේතනාව  යනුවෙන් ඇතැම් තැන්හි හඳුන්වනුයේ ද ආරක්ෂණ චේතනාව ම ය.

කුටුම්බ මෙන් ම ව්‍යාපාරික ආයතන ද හදිසි අවස්ථාවක දී ප්‍රයෝජනයට ගැනීම සඳහා තම ආදායමින් කොටසක් මුදල් වශයෙන් ලඟ තබා ගනී.

ආරක්ෂණ චේතනාවෙන් මුදලට කරන ඉල්ලුම සහ ආදායම අතර අනුලෝම හෙවත් ධන සම්බන්ධතාවයක් පවතී.

එකී සම්බන්ධතාවය පහත රූප සටහනින් නිරූපණය වේ.

තව දුරටත් පැහැදිලි කර ගැනීමට පහත වීඩියෝව නඒඹන්න

Scroll to Top