අධි ඉල්ලුම් මිල යනුවෙන් අදහස් කරන්නේ, කිසියම් ඒකක ප්රමාණයක දී නිෂ්පාදනයන් සැපයීමට අපේක්ෂා කරන මිල ඉක්මවා පාරිභෝගිකයන් විසින් ඉල්ලුම් කිරීමට අපේක්ෂා කරන මිල යි.
එනම් සැපයුම් මිලට වඩා වැඩි ඉල්ලුම් මිල යි.
කිසියම් ප්රමාණයක් යටතේ ඉල්ලුම් මිලෙන් සැපයුම් මිල අඩු කළ විට අධි ඉල්ලුම් මිල ලැබේ.
අධි සැපයුම් මිල යනුවෙන් අදහස් කරන්නේ, කිසියම් ඒකක ප්රමාණයක දී, පාරිභෝගිකයන් මිල දී ගැනීමට අපේක්ෂා කරන මිල ඉක්මවා සැපයුම්කරුවන් සැපයීමට අපේක්ෂා කරන මිල යි.
එනම් ඉල්ලුම් මිලට වඩා වැඩි සැපයුම් මිලයි.