Short Note

ආර්ථික විද්‍යාව හඳුනා ගනිමින් ආර්ථික පද්ධතියක මූලික ආර්ථික ප්‍රශ්න හා ඒවා විසඳා ගන්නා විකල්ප ක්‍රම

ආර්ථික විද්‍යාව විෂය ක්ෂේත්‍රය හඳුනා ගැනීම

භාණ්ඩ හා සේවා භාවිතා කරමින් (පරිභෝජනය) සෘජු ව ම සපුරා ගත හැකි අවශ්‍යතා

නිදසුන්

  • ආහාර
  • නිවාස
  • ඇඳුම්

භාණ්ඩ හා සේවා පරිභෝජනයයෙන් සෘජු ව ම සපුරා ගත නො හැකි අවශ්‍යතා

නිදසුන්-

  • ආදරය
  • කරුණාව
  • දයාව
  • මෛත්‍රිය
  • ආධ්‍යාත්මික සංවර්ධනය

සමාජයේ ජීවත්වන මිනිසුන්ගේ අවශ්‍යතා හා වුවමනා ඉටුකර ගන්නේ භාණ්ඩ හා සේවා මගිනි. මෙකී භාභ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමට යොදා ගන්නේ නිෂ්පාදන සම්පත් ය. මේවා සමාජයකට අවශ්‍ය කරන භාණෟඩ හා සේවා ප්‍රමාණය නිපදවීමට තරම් ප්‍රමාණවත් නොවේ.

නූතන සමාජයේ මිනිස් වුවමනා හා ආශාවන් අසීමිත ය. අසීමත තරම කොතෙක් ද කිවහොත් මිනිසාට මිය යාමට පවා සිදුවන්නේ ඉටුකර ගත නොහැකි වූ වුවමනා රාශියක් සමග ය.

  1. පුද්ගල ආදායම
  2. භාණ්ඩ හා සේවා මිල
  3. භුක්ති විඳීමට ඇති කාලය

මිනිසුන් සමාජයේ පවතින සීමිත සම්පත් යොදාගෙන තම ‌භෞතික අවශ්‍යතා හා වුවමනා ඉටු කරගැනීඹට සිදුකරන ක්‍රියාකාරකම් 

  1. භාණ්ඩ හා ‌සේවා නිෂ්පාදනය
  2. බෙදාහැරීම
  3. පරිභෝජනය

විපල්ප භාවිත හිඟ සම්පත් සහ අසීමිත මිනිස් වුවමනා අතර පවතින සම්බන්ධතාවය අධයයනය කරන විෂය යි.

ආර්ථික න්‍යාය හා මූලධර්ම විද්‍යාත්මක ක්‍රමවේද අනුව ගොඩනැගී ඇති බැවින්, ආර්ථික විද්‍යාව විද්‍යාවකි

මීට ‌හේතු

ආර්ථික විද්‍යාවෙන් මිනිසුන්ගේ ආර්ථික හැසිරීම් විග්‍රහ කිරීම.

ආර්ථික න්‍යාය පර්යේෂණාගාර තුළ සනාථ කළ නොහැකි වීම.

මිනිස් හැසිරීම් කාලය, ප්‍රදේශය, සමාජ පරිසරය වැනි සාධක කෙරෙහි සංවේදී වන නිසා ස්වභාවික විද්‍යාවන්හි වැනි දැඩි ස්වරූපයේ න්‍යාය ආර්ථික විද්‍යාවේ නොමැති වීම

 

සමාජයීය විද්‍යාවක් මගින් මිනිස් සමාජයේ විවිධ හැසිරීම් අධ්‍යයනය කරන අතර, ආර්ථික විද්‍යාවෙන් මිනිසාගේ ආර්ථික හැසිරීම් අධ්‍යයනය කරයි. මේ නිසා ආර්ථික විද්‍යාව සමාජීය විද්‍යාවකි.

මෙයට හේතු

  • මිනිසාගේ ආර්ථික පැතිකඩ විශාල වීම.
  • මේ නිසා මිනිසාගේ දැවෙන ප්‍රශ්න රාශියක් ආර්ථික ස්වරෑපයක් ගනී.
  • මේ නිසා ආර්ථික විද්‍යාව, අනෙක් සමාජීය විද්‍යාවන්ට වඩා මිනිිිිසාට සමීප වේ.
  • ඒබැවින්, ආර්ථික විද්‍යාව සමාජීය විද්‍යාවන්ගේ රැජින යි.

විකල්ප භාවිත සහිත හිඟ සම්පත් සහ අසීමිත මිනිස් වුවමනා අතර සම්බන්ධතාවය අධ්‍යයනය කරන විෂය ආර්ථික විද්‍යාව යි

  1. රාජ්‍ය පාලනයට
  2. සාර්ථක පුරවැසියෙකු ලෙස ක්‍රියා කිරීමට
  3. ආර්ථික සංසිද්ධි වඩාත් හොඳින් තේරුම් ගැනීමට
  4. ඡන්ද දායකයන්ට සිය ඡනදය භාවිතයට
  5. පාසල් සිසුන්ට තාර්කික ව සිතා තීරණ ගැනීමට
  6. ආයෝජකයන්ට, පාරිභෝගිකයන්ට සහ නිෂ්පාදකයන්ට තාර්යක්ෂම තීරණ ගැනීමට
  7. වඩා හොඳ රැකියාක් තෝරා ගැනීමට
  1. සූක්ෂ්ම ආර්ථික විද්‍යාව
  2. සාර්ව ආර්ථික විද්‍යාව
  1. යථානුරෑපී ප්‍රකාශ 
  2. අභිමතානුරූපී ප්‍රකාශ 

කුමක් ද, කුමක් වූයේ ද, කුමක් වනු ඇද්ද යන ප්‍රශ්නවලට පිළිතුරු දීම සඳහා යොමු වන සහ නිරවද්‍යතාව පරීක්ෂාවට ලක් කළ හැකි ප්‍රකාශ යි.

Scroll to Top