Short Note

ඉල්ලුම, සැපයුම, නම්‍යතාවය හා වෙළෙඳපොළ සමතුලිතය

නම්‍යතාව

ස්වායත්ත විචල්‍යයක ඇති වන වෙනසකට පරායත්ත විචල්‍යය දක්වන ප්‍රතිචාරය යි.

ඉල්ලුම තීරණය කරන සාධකයක වෙනසකට ඉල්ලුම් ප්‍රමාණය දක්වන ප්‍රතිචාරය යි.

සලකා බලන භාණ්ඩ​යේ මිල වෙනස් වූ විට,  ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණය ඊට දක්වන ප්‍රතිචාරය යි.

භාණ්ඩයක මිලෙහි සුළු වෙනසක් ඇති වූ විට, ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණය ඊට දක්වන ප්‍රතිචාරය යි. 

භාණ්ඩයක මිලෙහි විශාල වෙනසක් ඇති වූ විට, ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණය ඊට දක්වන ප්‍රතිචාරය යි. 

ඉල්ලුම් වක්‍රයක බෑවුම ගණනය කරනු ලබන්නේ මිලේ වෙනස, ප්‍රමාණයේ වෙනසින් බෙදීමෙනි.

නමුත් මිල ඉල්ලුම් නම්‍යතාව ගණනය කරනු ලබන්නේ ඉල්ලුම් වක්‍රයේ බෑවුමේ පරස්පරය, ඉල්ලුම් වක්‍රයේ ලක්ෂ්‍යයකට අදාළ මිලත් ඉල්ලුම් ප්‍රමාණයයත් අතර අනුපාතිකයයෙන් ගුණ කිරීමෙනි.

මේ නිසා ඉල්ලුම් වක්‍රයේ බෑවුමත්, මිල ඉල්ලුම් නම්‍යතාවත් සමාන නොවේ.

Scroll to Top